අසාත්මිකතා

අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් වළක්වා ගැනීම සඳහා හොඳම ක්‍රමය වනුයේ ඔබ අසාත්මිකතාවයට පත්වන ද්‍රව්‍ය මග හැරීමයි, මෙය සැම විටම පහසු නැත, ප්‍රායෝගික නොවේ. වඩාත්ම පොදු අසාත්මිකතාකාරක වළක්වා ගැනීමට උදව් වන ප්‍රායෝගික උපදෙස් පහත දැක්වේ.

නිවසේ දූවිලි මයිටාවන්

අසාත්මිකතාවන්ට ඇති ලොකුම හේතුව වන්නේ දුවිලි මයිටාවන්ය. ඔබගේ නිවසේ මයිටාවන් සංඛ්‍යාව සිමා කල හැක:

  • කාපට් වෙනුවට ලී හෝ තද විනයිල් වලින් බිම ආවරණය කිරීම
  • ගෘහ භාණ්ඩ වෙනුවට සම්, ප්ලාස්ටික් හෝ විනයිල් ගෘහභාණ්ඩ තෝරාගැනීම
  • අධික උෂ්ණත්වය යටතේ සේදීමෙන් හෝ වැකියුම් කිරීම මඟින් කුෂන්, මෘදු සෙල්ලම් බඩු, තිර සහ රෙදිපිළි, නිතිපතා පිරිසිදු කිරීම
  • කොට්ට සහ මෙට්ට වලට අසාත්මිකතා නොමැති බවට පරීක්ෂණ මගින් තහවුරු කර ඇති ආවරණ භාවිතා කරන්න
  • මෙමඟින් වාතයට දුවිලි මුදා හැරිය හැකි නිසා වියලි දුවිලි වලක්වා ගැනීමට නිතිපතා පිරිසිදු තෙත රෙද්දකින් මතුපිට අතුල්ලා පිරිසිදු කරන්න

නිදන කාමරයේ හා විසිත්ත කාමරය වැනි බොහෝ කාලයක් ගත කරන නිවසේ ඇති දූවිලි මයිටාවන් පාලනය කිරීමට ඔබේ අවධානය යොමු කරන්න.

සුරතල් සතුන්

අසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති කරනු ලබන්නේ සුරතල් සතුන්ගේ ලොම් වලින් නොවේ. ඒ වෙනුවට ඔවුන්ගේ මැරුණු සමෙහි පතුරු, කෙල සහ වියලි මුත්‍රා විය හැක. නිවසෙන් සුරතල් සතුන් ස්ථිරවම ඉවත් කළ නොහැකි නම්, ඔබට මේ දේවල් උත්සාහ කළ හැකිය:

  • හැකිතාක් දුරට සුරතල් සතුන් එළියෙන් තැබීම හෝ සුරතල් කිරීම, නිවසේ විශේෂිත ප්‍රදේශයකට සීමා කිරීම, වඩාත් සුදුසු කාපට් නොමැති ප්‍රදේශයකි
  • නිදන කාමරවල සුරතලුන්ට ඉඩ නොදෙන්න
  • අවම වශයෙන් සතියකට වරක් වත් සුරතල් සතුන් සේදීම
  • සුරතල් සතුන්ගේ ලොම් පීරීම එළියේදී සිදුකිරීම
  • සුරතල් සතුන් නිදිකරවන සියලු ඇඳ ඇතිරිලි සහ මෘදු ගෘහභාණ්ඩ නිතිපතා සේදීම
  • ඔබ වැඩි කාලයක් ගත කරන කාමරවල වාතය පෙරහන භාවිතා කිරීම
  • විදුලි පංකා, වායු සමීකරණ හෝ ජනෙල් විවර කිරීම මගින් වාතාශ්‍රය වැඩි කිරීම

සුරතල් සතුන් සිටින නිවසකට පිවිසීමට පැයකට පමණ පෙර ඇන්ටිහිස්ටමින් (Antihistamine) ඖෂධයක් ගැනීමෙන් ඔබේ රෝග ලක්ෂණ අඩු කර ගත හැකිය.

පුස් බීජානු

පුස් වලින් නිදහස් කරනු ලබන කුඩා අංශු සමහර අයට අසාත්මිකතා ප්‍රතික්‍රියා ඇතිකිරීමට හේතු විය හැක. මෙයින් වැළකීමට ඔබට මෙසේ උපකාර කල හැකිය:

  • ඔබේ නිවස වියළි සහ හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ තබා ගැනීම
  • ඔබගේ ගෘහස්ථ මල්පෝච්චි ඉවත් කිරීම
  • නිවෙස් ඇතුලත ඇඳුම් වේලීම නොකිරීම, තෙත කබඩ්වල ඇඳුම් ඇසිරිම අල්මාරි වල ඇඳුම් ඉතා තදට ඇසිරීම
  • ඔබේ නිවසේ ඕනෑම තෙත් හා ඝනීභවනය තත්ව සමඟ කටයුතු කිරීම
  • තෙත් ගොඩනැගිලි, තෙත් ලී හා කුනු වූ කොළ වැළැක්වීම, තණකොළ කැපීම සහ කොම්පෝස්ට් ගොඩවල්

ආහාර අසාත්මිකතාවන්

නීතියට අනුව සමහර පුද්ගලයින්ට අසාත්මිකතාවයක් ඇතිවිය හැකි යයි හඳුනා ගෙන ඇති යම් දෙයක් කිසියම් අහාරයක අඩංගු වේ නම්, නිෂ්පාදකයින් විසින් එය පැහැදිලිව සටහන් කර ලේබලයක් ඇලවිය යුතුය. අඩංගු අමුද්‍රව්‍ය සහිත ලේබලය ප්‍රවේශමෙන් පරික්ෂා කිරීම තුලින් ඔබට අසාත්මිකතාවයක් ගෙනදෙන අහාර වලින් වැළකිය හැකි අතර එමගින් අසාත්මිකතා ප්‍රතික්‍රියා වලින් ද වැළකිය හැක. ආහාර වලට අසාත්මිකතාවය ඇති පුද්ගලයින් බොහෝ විට අසාත්මිකතා ප්‍රතික්‍රියා වලට ලක්වී ඇත්තේ අවන්හල් වලින් ආහාර ලබා ගන්නා විටදීය. ඔබට මෙය වළක්වා ගත හැකිය:

  • මෙනු විස්තරය මත පමණක් රඳා නොසිටින්න (බොහෝ සෝස් වර්ග වල අසාත්මිකතාකාරක අඩංගු විය හැකිය)
  • කාර්ය මණ්ඩලය සමඟ පැහැදිලිව කතා කරන්න ඔවුන්ගේ උපදෙස් ලබාගන්න
  • විවිධ වර්ගයේ කෑම වර්ග එකින් එක සම්බන්ධ වීමට ඇති අවස්ථා ඇති බුෆේ හෝ බේකරි වැනි තැන් වලට ආහාර ගැනීමට යාමෙන් වලකින්න
  • ඔබගේ අහාර අසාත්මිකතාවය කොතරම් බරපතල ද යන්න හෝ ඇතුළුව ඔබගේ ආහාර අවශ්‍යතා ගැන ඔබ දන්නා බවට අවන්හලේ කාර්යමණ්ඩලයට දන්වන්න
  • අමුද්‍රව්‍ය වෙනස් කල හැකි නිසා ඔබ මේ ආහාරය කලින් ආහාරයට ගෙන තිබුනද, එම ආහාරයේ කුමන අසාත්මිකතාකාරක අඩංගු වේ දැයි පරික්ෂා කරන්න

මතක තබාගන්න සරල ආහාර වල සැඟවුන අමුද්‍රව්‍ය අඩංගු වීමට ඉඩකඩ අඩුය. ඔබට යම්කිසි ආහාරයක් ගැන විශ්වාසයක් නොමැති නම් අවදානමක් නොගන්න

හේෆිවර් (Hay fever)

පරාග අසාත්මිකතාව - බහුලව හේෆිවර් ලෙස හැඳින්වේ. ගස් සහ තණකොළ වලින් පරාග වාතයට මුදාහරින විට ඇතිවේ. වෛද්‍යවරු බොහෝවිට හේෆිවර් ඇලර්ජි රයිනයිටිස් (Allergic Rhinitis) ලෙස හැඳින්වේ. විවිධ ශාක වර්ග වසරේ විවිධ කාලවලදී පරාගනය වන අතර, ඔබට හේෆිවර් වැළඳෙන්නේ කුමන මාසවලද යන්න තීරණය වන්නේ ඔබ අසාත්මිකතාවය දක්වන පරාග කුමන ශාක වර්ගයේද යන්න මත වේ Typically, people are affected during spring (trees) and summer (grasses). ඔබගේ හේෆිවර් පාලනයක් යටතේ තබා ගැනීමට උපකාරී වීමට නම් ඔබ:

  • පරාග ගණනය සඳහා කාලගුණ වාර්තා පරීක්ෂා කරන්න. හැකි නම්, එය ඉහල මට්ටමේ දී ගෘහස්ථව රැඳී සිටීම
  • පරාග ගණනය ඉහල මට්ටමක ඇති අවස්ථාවල ඔබගේ ඇඳුම් සහ ඇඳ ඇතිරිලි එළියේ වේලීමෙන් වලකින්න
  • ඔබගේ ඇස් ආරක්ෂා කිරීම සඳහා අව් කන්නාඩි පළදින්න
  • හැකි අවස්ථාවලදී දොරවල් සහ ජනෙල් වසා දමන්න
  • එළියේ ගත කිරීමෙන් පසු නෑම සහ ඇදුම් මාරු කිරීම
  • විශේෂයෙන් පරාග ගණනය ඉහල මට්ටමක ඇතිවිට, උදෑසන සවස හෝ රාත්‍රියේදී, උද්‍යාන හෝ ක්ෂේත්‍ර වැනි තණකොළ සහිත පෙදෙස් වලින් වලකින්න
  • ඔබට තණකොළ තිබේනම්, තණකොළ කැපීම සඳහා වෙනත් කෙනෙකුගෙන් විමසන්න

කෘමි සපාකෑම් සහ දෂ්ඨකිරීම

කෙදිනක හෝ ඔබගේ කෘමි සපාකෑම් සහ දෂ්ට කිරීම් වලට නරක ප්‍රතික්‍රියාවක් සිදුවුනි නම්, ඔබගේ අවදානම අඩු කිරීම සඳහා පියවර ගැනීම වැදගත්ය. විශේෂයෙන් පිටත සිටින විට ඔබ:

  • නිරාවරණය වන සම ආවරණය කර ගන්න
  • සපත්තු පළඳින්න
  • කෘමි විකර්ෂණ ගලවන්න
  • මෙම කෘමීන් ආකර්ෂණය කර ගත හැකි පරිදි ශක්තිමත් සුවඳ විලවුන් හෝ සුවඳ ද්‍රව්‍ය පැළඳීමෙන් වළකින්න

බරපතල අසාත්මිකතාවන් ගෙන් වැලකීම

බරපතල අසාත්මිකතා ප්‍රතික්‍රියා (Anaphylaxis) සෑදීම සඳහා ඔබ අවදානම් තත්වයක සිටි නම් ඇඩ්රිනලින් ඉන්ජෙක්ෂන් (Adrenaline Injectors) දෙකක් ඔබ යන තැන්වල රැගෙන යන්නට වග බලා ගන්න. අත් පළඳනාවක් මගින් හදිසි අවස්ථාවකදී ඔබ ගේ අසාත්මිකතා පිලිබඳව අනෙක් අය දැනුවත් කල හැකිය. මේ පිලිබදව ඔබගේ ගුරුවරු, වැඩ කරන සගයන් සහ මිතුරන්ට පැවසීම ගැන සලකා බලන්න. එවිට හදිසි අවස්ථාවකදී ගිලන් රථයක් එනතුරු ඔබ‍ට ඇඩ්රිනලින් එන්නත ලබා දීමට ඔවුන්ට පුළුවන.